Home උණුසුම් පුවත් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් අනිද්දා විරෝධයක

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් අනිද්දා විරෝධයක

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් අනිද්දා විරෝධයක

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් අනිද්දා(07) කොළඹදී විරෝධතාවක නිරතවීමට තීරණය කර සිටිති.

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයින් එදින පෙරවරුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට රැස් වී විරෝධතාවක් පවත්වා පාගමනක් සංවිධානය කරන බවද වෛද්‍යවරුන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.

රට පුරා උද්ගතවී ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණවල හිඟයක් පවතින බව ද ඊට එරෙහිව එම විරෝධතාවය සංවිධානය කරන බවද වෛද්‍යවරුන්ගේ එකාබද්ධ වෘත්තිය සමිති කමිටුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී වෛද්‍යවරුන් වෛද්‍ය සිසුන් සහ සෞඛ්‍යය වෘත්තිකයින් පොදුජන අරගලය සමඟ එකතු වෙන බව ද වෛද්‍ය චමල් සංජීව මහතා කීය.

අත්‍යවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ හිඟතා, විදුලිය කපා හැරීම නිසා මේ වන විට රෝහල් පද්ධතියට බාධා එල්ලවී ඇති බව ද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here