මුල් පිටුව උණුසුම් පුවත් මහ බැංකු අධිපතිකම ආචාර්ය නන්දලාල් වීරසිංහ භාරගනී

මහ බැංකු අධිපතිකම ආචාර්ය නන්දලාල් වීරසිංහ භාරගනී

0

ශ්‍රී ලංකා මහා බැංකුවේ නව අධිපතිධූරය භාරගැනීමට මහා බැංකුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය කැමැත්ත පළකර තිබේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නන්දලාල් වීරසිංහ මහතා ලබන 07 වෙනිදා මෙරටට පැමිණ නව මහ බැංකු අධිපති ලෙස වැඩ භාරගැනීමට මේ වන විට නියමිතය. ඒ බව ඒ මහතා බී.බී.සී පුවත් සේවයට සඳහන් කර තිබේ.

‍"මෙම ගිහිල්ලා බලන්න ඕනේ තත්ත්වය කොහොමද කියල. නමුත් මම දැන්මම පටන් අරන් ඉන්නේ" යැයිද ඔහු බී.බී.සී සේවයට පවසා ඇත.

නන්දලාල් වීරසිංහ මහතා 2011 වසරේ සිට 2020 වසර දක්වා ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිධූරය දරූ අතර 2010 වසරේ සිට 2012 වසර දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය වෙනුවෙන් විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version