Home උණුසුම් පුවත් මෙරට විරෝධතා ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

මෙරට විරෝධතා ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

0
මෙරට විරෝධතා ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන් හට අයිතියක් ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනයට එය අත්‍යාවශ්‍ය බවත් මෙරට ඇමරිකානු තානාපතිවරිය සඳහන් කරයි.

මේ වනවිට මෙරට පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය මේබව පැවසීය.

එහිදි මෙරට තත්ත්වය ඉතා සමීපව තමන්  නිරීක්ෂණය කරමින් සිටින බවද ඇය පවසයි.

ඒ අනුව  ඉදිරි දිනවලදී පීඩාවට පත් සැමට ආර්ථික ස්ථාවරත්වය සහ සහන ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඇය ඊයේ දිනයේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් සමඟ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

එක්සත් ජනපදය මාධ්‍ය නිදහස සඳහා කැපවී සිටින අතර, නිවැරදි, වගකිවයුතු මාධ්‍යවේදය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ දිගටම කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඇය අමාත්‍යවරයා වෙත පවසා ඇතැයි මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here