මුල් පිටුව උණුසුම් පුවත් ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය බලධාරීන්ට අවබෝධයක් නෑ – GMOA

ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය බලධාරීන්ට අවබෝධයක් නෑ – GMOA

0

රටේ රෝහල් පද්ධතිය තුළ ඖෂධයක් හිඟ වී සෞඛ්‍ය සේවාවට බාධා එල්ල වන තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වා ගැනීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

පසුගියදා පේරාදෙණිය රෝහලේ දෛනික ශල්‍යකර්ම තාවකාලිකව නතර කිරීමට තීරණය කළ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය එම තත්ත්වය ප්‍රතික්ෂේප කළේ ඖෂධ හිඟය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ට අවබෝධයක් නොමැති නිසා යැයිද ඔහු කීය.

රටක රෝගී සත්කාර සේවා ප්‍රශස්ත අයුරින් පවත්වා ගැනීමට නම් අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සකස් කිරීම සහ යාවත්කාලීන කිරීම අවශ්‍ය බව ද ෂෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version