මුල් පිටුව special නීරෝගීමත් සුවබර දිවියකට

නීරෝගීමත් සුවබර දිවියකට

0
Ayurvedic Chyawanprash or Chyavanprash

වෛද්‍ය උපදෙස් – ගම්පහ දේශීය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආයුර්වේද වෛද්‍ය රවීන්ද්‍ර වීරසිංහ මහතා.

(1) සමහරුන්ට වංගු පාරවල් වල ගමන් කිරීමේදී ඔක්කාරයට ඒම , වමනය යාම සිදු වෙනවා.
වංගු පාරවල් වල වේගයෙන් යන අවස්ථාවලදී වෙන්නේ අපේ කන තුළ තියෙනවා තරලයක් සහිත ඉන්ද්‍රියක් කර්ණ ශංඛය කියලා අපි කියනවා. මේ තුළින් සිදුවන්නේ අපේ සිරුරේ සමතුලිතතාවය රඳවා ගන්න උපකාරී වීමයි.

Woman feeling sick on ship
Woman feeling sick on ship

කර්ණශංඛ තුළ තියෙන තරලය වංගු සහිත පාරකින් වේගයෙන් යන අවස්ථාවලදී භ්‍රමණය වීම අධික වීම වගේම කැලබීම නිසා සිරුරේ සමතුලිතතාවය නැතුව යනවා. මේ හරහා මොළයට යන පණිවිඩය අනුව තමයි තේරෙන්න ගන්නෙ වමනය යන්න එනවා , කරකැවිලි ස්වභාවයක් විදියට.

2) සාමාන්‍යයෙන් හිස නමා ගෙන පොතක් එහෙම බලද්දී අපට වවමනයට ඔක්කාරය එනවා.
මෙවැනි අපහසුතා ඇතිවීමට හේතුව තමයි මොළයට සපයන රුධිර ප්‍රමාණය අඩුවීම. ඒ හරහා අපට දැනෙන්න ගන්නවා වමන ගතියක් හෝ ඔක්කාර ගතියක්. එවැනි අවස්ථාවලදී නිදා ගැනීම හෝ දිගාවෙලා සිටින ඉරියව්වකට පැමිණීම තුළින් මෙවැනි අපහසුතා මඟහැරී මොළයට හොඳ රුධිර සැපයුමක් ලැබීමට පටන් ගන්නවා.

3) ඔසප් දිනවලදී ස්නානය සුදුසුද ?
කාන්තාවක්ගේ ඔසප් පිටවන කාලය තුළ දී සිරුරේ උෂ්ණත්වය වැඩි වීමක් සිදුවනවා. සිරුරේ උෂ්ණත්වය වැඩි වීමක් තියෙන වෙලාවක සීතල වතුර දැම්මත් වෙන්නේ විස්සාරණය වුණ රුධිරනාල ටික හැකිලෙන්න පටන් ගන්නවා. ඒ හැකිලීමත් එක්ක අවසානයේ වෙන්නේ රුධිරය පිටවීම නැවතිලා, ගර්භාෂය ඇතුළේ පිටවිය යුතු රුධිරය එකතු වෙන්න ගන්නවා. මෙය රෝග ගණනාවකට හේතු වෙන්න පුළුවන්.
ඒ නිසයි ඔසප් සෑදුණු මුල් දින 4 ස්නානය එපා කියන්නේ. නමුත් උණු වතුරෙන් ඇඟ සේදීම, පිරිසිදු බව වැදගත් වෙනවා.

4) දියවැඩියා රෝගියෙකුට සීනි කෑම අගුණ ද ?
දියවැඩියා තියෙන කෙනෙකුට නෙමේ ඕනෑම කෙනෙකුට සීනි නැත්නම් ග්ලූකෝස් අවශ්‍යයි. අප සීනි සීනි විදියටම කන එකයි, සීනි සීනි නොවන විදියට කන එකයි කියන්නේ දෙකක් .
දැන් අපි කන බත්, පරිප්පු, බීට්රූට්, කැරට්, බෝංචි කෑවත් සීනි නිෂ්පාදනය සිදුවෙනවා. අපි හිතමු තේ බොනවා සීනි දාලා, ඒ වගේ දේවල් වලින් සීනි එකපාරටම ශරීරය තුළ වැඩි වෙලා සීනි ප්‍රමාණය පාලනය කරගන්න බැරිව යනවා.
ඒ නිසා දියවැඩියා රෝගියෙකු සීනි අවශ්‍යයි. නමුත් සීනි විදියටම නොගෙන වෙනස් විදිහට ගැනීම කළ යුතුයි. ශරීරයට අවශ්‍ය කරන අනෙකුත් පෝෂක කොටස් සමඟ සමබල ආහාර වේලක් ගැනීම හරහා සිරුරට අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්.
උදාහරණයක් විදියට උදේම ඇට වර්ගයක් සමග පොඩි ප්‍රමාණයෙන් බත් හෝ වෙනත් ආහාර වර්ගයක්. දවල්ට බත් පොඩි ප්‍රමාණයක් එළවළු වැඩිපුර, කොළ මැල්ලුම් අඩු කෝප්පයක්, රාත්‍රියට ඉස්ම / ලවණ / විටමින් අඩංගු ආහාර වේලක් ලබා ගැනීම තුළින් අපට අවශ්‍ය සීනි ප්‍රමානය සමබර කරගන්න පුළුවන්.

Brown sugar

5) සමහරු කියනවා කකුල පැලෙන එකට බෙහෙත් කළාම රක්තයා ඔළුවට ගහනවා කියලා.
මුලින්ම හොයලා බලන්න ඕනි කකුල් පැලීමට හේතුව. ප්‍රධානම හේතුව තමයි රුධිරය විෂ සහිත වීම හා රුධිර ගමනාගමනය අවහිර වීම.
අපිරිසිදු රුධිරය එකතු වීමට හේතුව තමයි මූලිකවම බලාපාන්නේ අපේ ඉරියව් වල වෙනස. උදාහරණයක් විදියට වැඩි වේලාවක් කකුල් නමාගෙන පුටුවල වාඩිවී සිටීම නිසා දනිස් නැමීම හේතුවෙන් පහලට රුධිරය එකතු වෙන්න පටන් ගන්නවා.
එවැනි දේවල් වලක්වා ගන්න පුළුවන් අපිට විටින් විට පැය භාගයෙන් භාගයට කකුල් දෙක ඉහළට ඔසවලා පොඩි ව්‍යායාමයක් කිරීම.
ඊළඟ දේ තමයි රුධිරයේ යුරියා වැඩි කරන එහෙම නැත්නම් උෂ්ණ ආහාර වර්ග ප්‍රෝටීන අධික ආහාර උදාහරණ ලෙස බිත්තර, මස්, මාළු එවැනි දේ වගේම කෙමිකල් අඩංගු ආහාර වර්ග, අජිනමොටෝ, සුප් කැට වැනි කෑම වර්ග ගැනීම තුළින් සිරුර තුළ ආසාත්මිකතා, (දාහ) උෂ්ණ සහිත ලක්ෂණ ඇති කරනවා.

 

කකුල් පැලීමත් සමග එන හිසරදය
අපේ කකුල් පැලීමට බාහිරෙන් පමණක් ප්‍රතිකාර කලත් රුධිරයේ තියෙන විෂ ගතිය අඩු වෙන් නැහැ. මේ විෂ සහිත රුධිරය සිරුරේ හැම තැනකම යනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි හිසරදය එන්න ගන්නේ.
අපි නිතරම උෂ්ණ සහිත ආහාර ගැනීමේදී පැකට් කරපු රසකාරක අඩංගු (අජිනමොටෝ, ටිපිටිප්, සොසේජස්) වැනි මේ සියල්ල ම වියළි බවින් යුතු ආහාර ජල පදාර්ථය අඩුයි. ඒ නිසා ශරීරයේ ඇති කරන්නේ උෂ්ණ ගතියක්. ඒ තුළින් ශරීරයේ විෂ තවත් වැඩි කරනවා. යූරියා ප්‍රමාණය වැඩිකරනවා. හිස ආශ්‍රිත තරල වේලීමකට ලක් වෙලා හිසරදය ඇති කරනවා. රක්තයාම බෙහෙත් කරද්දි හිසරදය ඇතිවීමට හේතුව ඕක.

මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇති ප්‍රතිකාර රටාව
ලේ පිරිසිදු කරන එහෙම නැත්නම් රක්ත ශෝධන ඖෂධ යොදා ගන්නවා.
රණවරා, ඖෂධිය ගුලි වර්ග, මාදං වැනි ඖෂධ, කසාය වර්ග, කොහොඹ පොතු, ඉඟිනි ඇට, නීරමුල්ලිය, නෙල්ලි වැනි ඖෂධ යොදා ගන්නවා රුධිරය පිරිසිදු කරන්න. එතැනදි කකුල් පැලීම අඩු කරල හිසරදය ඇති නොවන්න බඩ විරේක ඖෂධ ද මේ සමග යොදාගන්නවා.

 

6) බොන ජලය රැස් කර තබා ගැනීමට හොඳම ක්‍රමය තඹ බදුන්
තඹ වලින් ජලය පිරිසිදු කිරීමේ ගුණයක් තියෙනවා. ජලය තියන විෂ පදාර්ථ තඹ වලට අවශෝෂණය වීමක් සිදුවන බව පර්යේෂණාත්මකව තහවුරු කරපු දෙයක්.
ඒ වගේම අපේ ආයුර්වේදය තුළ ශෝධිත තඹ යොදා ගන්නවා ඖෂධයක් ලෙස අධික උණ අවස්ථා පාලනයට.

Copper pot with boiling water on a gas stove
කේෂාණි සෙනවිරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version