තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු කාලා හමාරයි - කැවිලි මිලත් දෙගුණ වෙයි

    අවුරුදු කාලා හමාරයි – කැවිලි මිලත් දෙගුණ වෙයි

    අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළයෑම හේතුවෙන් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී රසකැවිලිවල මිල ගණන් පෙර නොවූවිරූ ලෙස ඉහළ දැමීමට සිදුවනු ඇතැයි රසකැවිලි නිෂ්පාදකයන් පවසයි.

    රසකැවිලි නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන සීනි, සහල් හා මුං ඇට ඇතුළු සෑම ද්‍රව්‍යකම මිල මේ වන විට පෙර නොවූ ලෙස ඉහළ යාමත්, පොල්තෙල් බෝතලයක මිල රුපියල් 900 ඉක්මවා යාමත් හේතුවෙන් කැවිලිවලට නිශ්චිත මිලක් තීරණය කිරීම අසීරු බව ඔවුන් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් මීට පෙර රුපියල් 15 ක් වූ කැවුමක් රුපියල් 30කටත්, 25කට තිබූ කොණ්ඩ කැවුමක් රුපියල් 50කටත් රු.35-40 අතර පැවැති මුං කැවුමක් අවුරුදු සමය වන විට රුපියල් 50-55ත් අතර මිලකට අලෙවි කිරීමට සිදුවනු ඇතැයි ඔවුන් පවසයි.

    එමෙන්ම රුපියල් 12-15ත් අතර පැවැති කොකිස් ගෙඩියක මිල රුපියල් 20කටද, රුපියල් 60කට පැමැති ආස්මි ගෙඩියක් රුපියල් 80-100ක් අතර මිලකට සහ රුපියල් 25ට පැවැති පැණිවළල්ලක් රුපියල් 35-40ක් දක්වාද ඉහළ දමා ඇති බව රසකැවිලි නිෂ්පාදකයෝ සඳහන් කළහ.

    එමෙන්ම, මේ වන විට දොදොල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 700ත් 1000ත් අතර මිලකටයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img