Home උණුසුම් පුවත් ප්‍රවීන චිත්‍රපට නිළියක දිවි ගමනට සමුදෙයි

ප්‍රවීන චිත්‍රපට නිළියක දිවි ගමනට සමුදෙයි

ප්‍රවීන චිත්‍රපට නිළියක දිවි ගමනට සමුදෙයි

හෙළ සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පිනියක වූ මල්ලිකා පිලපිටිය මහත්මිය අභාවප්‍රාප්ත විය.

1936 ඔක්තෝබර් 4 වැනිදා හඟුරන්කෙත ප්‍රදේශයේදී උපත ලද මල්ලිකා පිලපිටිය මහත්මිය අභාවප්‍රාප්ත වනවිට 86 වැනි වියෙහි පසුවිය.

මල්ලිකා පිලපිටිය මහත්මිය, ටෙලිනාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පී රොෂාන් පිලපිටිය මහතාගේ ආදරණීය මෑණියන් වන අතර ආරිය අභයසිංහ මහතාගේ ආදරණීය භාර්යාවයි.

මෙරට සිනමාවේ හැරවුම් ලක්ෂය සේ සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ‘රේඛාව’ (1956) සිනමා පටයෙන් රංගනයට එක්වූ ඇය විවාහයත් සමඟ සිනමා රංගනයට එක් නොවීය.

එහෙත් පසුකාලීනව ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා විසින්ම අධ්‍යක්ෂණය කළ ‘ගොළු හදවත’ ටෙලිනාට්‍යයට ඇය රංගනයෙන් දායක විය.

‘රේඛාව’ චිත්‍රපටයේ අතිශයින්ම ජනප්‍රිය ගීතයක් වූ ‘ඕළු⁣ නෙළුම් නෙරිය රඟාලා’ ගීතයට රංගනයෙන් දායකවන්නේ මල්ලිකා පිලපිටිය මහත්මිය හා තවත් චිත්‍රපට නළුවකු වූ ආනන්ද වීරකෝන් මහතායි.

අභාවප්‍රාප්ත මල්ලිකා පිලපිටිය මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here