Home උණුසුම් පුවත් කඩදාසි හිඟය උඩුදුවන හැටි

කඩදාසි හිඟය උඩුදුවන හැටි

කඩදාසි හිඟය උඩුදුවන හැටි
Massive rolls at a printing plant where the sheets are cut at the desired dimension. Further choices below:

වෙළෙඳපලේ පවතින කඩදාසි හිඟය හේතුවෙන් මුද්‍රණ කර්මාන්තය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙන බව ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ භාණ්ඩගාරික සෙල්වම් කේතීෂ් පවසන්නේ කඩදාසි සීමාසහිත වීමත් ඒවායේ මිල දිනපතාම ඉහළයෑමත් හේතුවෙන් කුඩා පරිමාණ මුද්‍රණකරුවන් මුද්‍රණ කර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින බවයි.

ඩොලර් හිඟය හේතුවෙන් මේ වනවිට කඩදාසි ආනයනය සීමාකර තිබේ. ඒ හේතුවෙන් මේවනවිට රටතුළ දැඩිලෙස කඩදාසි හිඟයක් මතුව තිබේ.

මෙම කඩදාසි හිඟය හේතුවෙන් බොහෝ පුවත්පත් මුද්‍රණය කිරීම නවතා ඇති අතර ඒවා අන්තර්ජාල ප්‍රකාශන ලෙස එළිදක්වයි.

එමෙන්ම මුද්‍රණ කෙරෙන පුවත්පත්වලද පිටු සීමා කරමින් එළිදක්වනු ලබන අතර පුවත්පත් මිලද ඉහළ දැමීමට පුවත්පත් ප්‍රකාශකයන් කටයුතු කර තිබේ.

මේවනවිට පොත් මුද්‍රණය කිරීමද සීමා කර ඇති බවත්, මුද්‍රිත කෘතිවලද මිල විශාල ලෙස ඉහළ දැමීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සමන්ත ඉන්දීවර මහතා පවසයි.

කෙසේවෙතත් රටතුළ කඩදාසි හිඟයක් පැවතියද වසරකට තරම් ප්‍රමාණවත් කඩදාසි තොග තමන් සතු බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංඟා කල්පනී මහත්මිය පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here