සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දුඹුරු සීනි ආනයනය කිරීම කෙරෙහි වෙළෙඳ අමාත්‍යංශය අවධානය යොමුකර තිබේ.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ ඒ සඳහා අවසර ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවයි.
වෙළෙඳ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ මුදල් අමාත්‍යංශයේ අවසරය ලැබුණු වහාම දුඹුරු සීනි ආනයනය කිරීමට කටයුතු කරන බවයි.