Home උණුසුම් පුවත් මැණික් අපනයනයෙන් මේ වසරේදී ඩොලර් බිලියනයක්

මැණික් අපනයනයෙන් මේ වසරේදී ඩොලර් බිලියනයක්

මැණික් අපනයනයෙන් මේ වසරේදී ඩොලර් බිලියනයක්

ලංකාවේ මැණික් අපනයන ආදායම මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නංවන බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ මැණික් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 265 ක් වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියනය පමණ දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙන බවද ඇමැතිවරයා කීය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයන කිරීමේ සමාරම්භක උත්සවයක් ඊයේ (23) කොළඹදී පැවැති අතර ඊට සහභාගී වෙමින් ඇමැතිවරයා එම අදහස් පළ කළේය.

නව ක්‍රමය මගින් ඇමරිකානු ඩොලර් 3000 ට අඩු වටිනාකමක් ඇති මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට විකිණීමේ අවස්ථාව මැණික් කර්මාන්තකරුවන්ට හිමිවේ.

නව ක්‍රමවේදයක් හරහා මැණික් අපනයන කිරීමට හැකිවන අතර එමගින් රටට අවශ්‍ය ඩොලර් ලැබෙන බවද එස් බී දිසානායක මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here