Home උණුසුම් පුවත් සාපෙළ විභාගයට කඩදාසි ප්‍රශ්නයක් නෑ

සාපෙළ විභාගයට කඩදාසි ප්‍රශ්නයක් නෑ

සාපෙළ විභාගයට කඩදාසි ප්‍රශ්නයක් නෑ

සාමන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට මුද්‍රණ කඩදාසි හිඟයක් නොමැති බව විභාග දෙපාර්මේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2021 වසරට අදාළව පැවැත්වීමට නියමිත විභාගය මෙම වසරේ මැයි මාසය දක්වා කල් දැමීමට හේතු වූයේ කොරෝනා වසංගත තත්ත්වය බවයි. 

සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සඳහා යම් කඩදාසි හිඟයක් පැවතිය ද එය මේ වන විට මඟහරවා ගෙන ඇති බවයි එම නිවේදනයේ දක්වා තිබේ.

මීට අමතරව මෙම වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නිමිත ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය එළඹෙන ඔක්තෝබර් හෝ නොවැම්බර් යන මාසවලදී පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here