තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසර අවසන් වෙද්දී තවත් ජාතික පාසල් 542ක්

    මේ වසර අවසන් වෙද්දී තවත් ජාතික පාසල් 542ක්

    ජාතික පාසල් දහසක් වැඩ සටහන යටතේ මේ වසර අවසානය වනවිට තවත් පාසල් 542ක් ජාතික පාසල් බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    ජාතික පාසල් දහසක් වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 530ක් අධ්‍යාපන අමාත්‍යාංශය ලැබී තිබෙන බවද ලේකම්වරයා කීය.

    ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125ක් හඳුනාගෙන ඇති අතර එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජාතික පාසල් ස්ථාපිත කරන බව ද ලේකම්වරයා පැවසීය.

    මේ වන විට රටපුරා පවතින ජාතික පාසල් සංඛ්‍යාව 373 ක් වන අතර තවත් අලුතෙන් පිහිටුවන ලද ජාතික පාසල් 830ත් සමඟ රටපුරා ජාතික පාසල් සංඛ්‍යාව 1204 දක්වා ඉහළ යන බව ද ඔහු කීය.

    අළුතින් ස්ථාපිත කරන ජාතික පාසල්වලට අවශ්‍ය ගුරු මණ්ඩලය නියෝජ්‍ය විදුහල්පතිවරුන් මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් සපයන බව ද මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img