Home උණුසුම් පුවත් මාම්පූරිය වෙරළ තීරයේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමුවෙයි

මාම්පූරිය වෙරළ තීරයේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමුවෙයි

0
මාම්පූරිය වෙරළ තීරයේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමුවෙයි

කල්පිටිය – මාම්පූරිය වෙරළ තීරයේ සගවා තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 41 යි ග්‍රෑම් 540 ක් නාවුක හමුදා නිලධාරීන් විසින් සොයා ගෙන නොරචෝලේ පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.

පසුගිය 22 වැනිදා සවස ලද තොරතුරකට අනුව නාවුක හමුදා නිලධාරීන් විසින් සිදු කර ඇති විමර්ශණයකින් අනතුරුව මෙම කේරල ගංජා තොගය සොයා ගෙන ඇත.

කේරල ගංජා තොගය පොලිතින් උර 13 ක අසුරා තිබී ඇත.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙම කේරල ගංජා තොගය ගෙන එන්නට ඇති බවට විශ්වාස කරන බව පොලීසිය කියයි.

නාවුක හමුදා නිලධාරීන්ගේ බාරයට ගෙන ඇති කේරල ගංජා තොගයේ හිමිකරුවන් කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here