Home උණුසුම් පුවත් දේශපාලකයන් පය නොගැසූ හුදෙකලා ගෝත්‍රික ගම්මානයට ජපානයේ ඇස

දේශපාලකයන් පය නොගැසූ හුදෙකලා ගෝත්‍රික ගම්මානයට ජපානයේ ඇස

දේශපාලකයන් පය නොගැසූ හුදෙකලා ගෝත්‍රික ගම්මානයට ජපානයේ ඇස

අම්පාර දිස්ත්‍රික්කයේ අලිගම්බායි හුදකලා ගම්මානයට සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ජපාන රජය රුපියල් 17,000,000 ක පමණ මුදලක් පරිත්‍යාග කර තිබේ.

අලිගම්බායි ගම තුළ ගෝත්‍රික ජනතාවක් ජීවත්වන අතර ඔවුහු අනිත් ජනතාවගෙන් වෙන්ව ජීවත් වෙති.

ජපන් ආධාර යටතේ එම ගම්මානයට ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකෙරෙන අතර එමගින් එම ගෝත්‍රික ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියයි.

අවුරුදු ගණනාවක් තිස්සේ මෙම ඈත ගම්මානය හුදෙකලා ව තිබෙන අතර කිසිදු දේශපාලන අධිකාරියක් එම ගම්මානය සංවර්ධනය කිරීමට උනන්දුවක් දක්වා නැතැයි පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහන් කරයි.

ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථානය එම සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ඉදි කිරීම භාරව කටයුතු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here