Home උණුසුම් පුවත් අධිකරණ ඇමතිට කෑම ප්‍රශ්නයක්

අධිකරණ ඇමතිට කෑම ප්‍රශ්නයක්

අධිකරණ ඇමතිට කෑම ප්‍රශ්නයක්

අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළයාම හමුවේ බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ.

සැපයුම්කරුවන් 15 දෙනෙකු විසින් මෙරට සියලුම බන්ධනාගාර සඳහා එළවළු, බිත්තර, මස්,මාළු, කුළුබඩු වර්ග සහ වියළි ආහාර ද්‍රව්‍ය සපයනු ලබයි.

එම සැපයුම්කරුවන් පවසන්නේ මේවනවිට ආහාරද්‍රව්‍යවල මිල දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව පවතින තත්ත්වය යටතේ ආහාරද්‍රව්‍යවල මිල වැඩිකර තමන්ටද සාධාරණයක් කරන ලෙස සැපයුම්කරුවන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ආහාර සැපයුම්කරුවන්ගේ ඉල්ලීම දැනටමත් අධිකරණ අමාත්‍යංශයට යොමුකර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මිලගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බන්ධනාගාරගත සෑම සිරකරුවකුගේ ආහාර පාන වෙනුවෙන් දිනකට වෙන් කෙරෙන මුදල රුපියල් 300 කි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here