තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තේ නිෂ්පාදනය 20%කින් පහළට

    තේ නිෂ්පාදනය 20%කින් පහළට

    පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට තේ නිෂ්පාදනය සියයට 20 කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දත්ත මගින් අනාවරණය වේ.

    ඒෂියා තැරැව්කාර සමාගම සඳහන් කරන පරිදි එය කිලෝග්‍රෑම් මිලියන 12යි දශම 8 ක් වාර්තා වූ 2009 වසරේ පෙබරවාරි මාසයෙන් පසු අඩුම මාසික තේ නිෂ්පාදනයයි.

    පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ රසායනික පොහොර තහනම මෙම තත්ත්වයට හේතුවක් ලෙස සැලකේ.

    තේ කර්මාන්තය සඳහා එම තහනම පසුගිය ඔක්තෝම්බරයේ ඉවත් කළ ද ඩොලර් හිගය හේතුවෙන් පොහොර ආනයනය කිරීම තේ නිෂ්පාදකයන්ට ගැටලුවක් වී තිබේ.

    පොහොර තහනමට පෙර ශ්‍රී ලංකාව වාර්ෂිකව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1 යි දශම 3 ක් පමණ උපයනු ලැබී ය.

    මෙරට තේ කර්මාන්තයට බලපා ඇති නවතම අභියෝගය වන්නේ රුසියාවේ යුක්රේන ආක්‍රමණය වන අතර, ශ්‍රී ලංකා තේ මිලදී ගන්නා මුල් පෙලේ ගැණුම්කරුවන් වන රුසියාවට සහ යුක්රේනයට මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට 10 ක් පමණ අපනයන කිරීම ඊට හේතුවයි.
     

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img