තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්දේශපාලනයරුසියාව ශබ්දය වේගය මෙන් පස්ගුණයක් වේගවත් මිසයිල යොදා ගනී

    රුසියාව ශබ්දය වේගය මෙන් පස්ගුණයක් වේගවත් මිසයිල යොදා ගනී

    රුසියාව විසින් යුක්‍රෙන් ඉලක්ක විනාශ කිරීමට ශබ්දය වේගය අභිබවා ගමන් කිරීමට හැකි අධිධ්වනික මිසයිල යොදාගෙන තිබේ.

    ගුවනේ සිට එල්ල කළ හැකි මෙම මිසයිල යොදාගෙන යුක්‍රෙන් හමුදාවන්ගේ ආයුධ ගබඩාවක් විනාශ කිරීමටද තමන් සමත් වූ බවද රුසියානු ආරක්ෂක අංශ පවසයි.

    රුසියානු ආරක්ෂක අංශ විසින් මෙම මිසයිල ඉකුත් පෙබරවාරි 24 වැනිදා යුක්‍රේන ආක්‍රමණයේදී යොදාගත්ත ප්‍රථම අවස්ථාවද මෙය වන බව රුසියාව ප්‍රකාශ කරයි.

    මෙම අධිධ්වනික මිසයිල් 2018 වර්ෂයේදී රුසියාව විසින් හදුන්වාදුන් අතර ඒ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා ඉතාමත් ආඩම්බරයෙන් පසුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

    අදාල මිසයින ගුවන් යානයක සිට එල්ල කළ හැකි අතර ඒ සඳහා බොහෝවිට මිග් 31 වර්ගයේ ප්‍රහාරක යානා භාවිතා කරනු ඇති බවදට විදේස් ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    මෙම මිසයිල් ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයකින් ගමන් කළ හැකි බවටද රුසියාව පවසයි. ඒ අනුව මෙම මිසයිලය උඩු ගුවනේදී ගමන් මාර්ගය වෙනස් කිරීමේ හැකියාවද පවතින් බවට රුසියාව පවසන අතර එහි වේගය හේතුවෙන් මිසයිල නාශක අවි වලින් මිදී ඉලක්කය විනාශ කිරීමේ හැකියාවක්ද එය සතුවේ.

    මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා විසින් රුසියාව සමඟ වහාම සාම සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා විසින් තමන් ජයග්‍රහන්යේ මාවත පිවිස සිටින බවදට ප්‍රකාශ කළේය.

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img