හොංකොන් හී කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඉන් පිටව යන විශාල පිරිසක් සිය සුරතල් සතුන් අත්හැර දමා යමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය කාලය තුලදී කොරෝනා ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළයාමත් සමඟ හොංකොන් වෙත දැඩි සංචරණ සීමා පැනවීමට චීනය තීරණය කළේය. මේත් සමඟ හොංකොන් හී වාසය කළ විශාල පිරිස් ඉන් පිටව යාමට තීරණය කරලු ලැබීය.
ඒ අනුව මෙම වසරේ මුල් මාස 3 දී පමණක් පුද්ලයින් ලක්ෂයට අධික සංඛ්‍යවක් හොංකොන් හැරදවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහෙත් මෙලෙස පිටව යන විශාල පිරිසක් තමන් ඇති දැඩි කළ සුරතල් සතුන් රැගෙන යාම සිදු නොකරණ බවද වාර්තා වේ. මෙහිදී හොංකොන් වෙත් ගුවන් ගමන් සීමා වීමත් එම ගුවන් යානා වල සුරතල් සතුන් රැගෙන යාමටත් පවතින ගැටලුකාරී තත්ත්වය මෙලෙස සුරතල් සතුන් අතහැර දාම යාමට හේතුවක් වී ඇති බවටද වාර්තා වේ.
මෙම තත්ත්වයත් සමඟ හොංකොන් හී සුරතල් සතුන් ආරක්ෂාව සපයන් ස්ථාන වල අත්හැර දැමූ සුරතල් සතුන්ගෙන් පිරී ගොන් ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.