Home උණුසුම් පුවත් “ඉන්දියාවේ ණය පහසුකම හොඳයි.. තාවකාලිකයි”

“ඉන්දියාවේ ණය පහසුකම හොඳයි.. තාවකාලිකයි”

“ඉන්දියාවේ ණය පහසුකම හොඳයි.. තාවකාලිකයි”

ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලැබීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට යම්කිසි තාවකාලික සහනයක් හිමි වන්නේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ.විජේවර්ධන මහතා පැවසීය.

මෙවැනි කෙටි කාලීන ණය පහසුකමක් අත මාරුවට ණයක් ගත්තා වැනි දෙයක් වන අතර රෝගියකු පැරසිටමෝල් පෙත්තක් බී තාවකාලිකව උණ ගතිය අඩු කරගත්තා වැනි දෙයක් බව ද විජේවර්ධන මහතා කීය.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලැබීම මගින් ශ්‍රී ලංකාවට මුදල් නොලැබෙන අතර ලැබෙන වියේ ඉන්දීය බඩු භාණ්ඩ බව ද ඔහු කීය.

ඒ අනුව අමරිකානු ඩොලර් බිලියනයක් වටිනා අතවශ්‍ය ආහාර සහ ඖෂධ තොග ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ලබාගත හැකි වන අතර හැකිවන අතර එලෙස ලබාගත් පසුව කෙටි කාලයකින් ණය පියවිය යුතු බවද විජයවර්ධන මහතා පැවසීය.

මෙවැනි කෙටි කාලීන ණය පහසුකමක් ලබා ගන්නවාට වඩා කළ යුත්තේ දිගු කාලීන ණයක් ලබාගෙන ආර්ථික අර්බුදයට යම් සහනයක් ලබා දෙන ඉන්න බව ද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here