තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාත්තන්ඩිය ප්‍රා.සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් නිලතලවලින් අස්වෙයි

    නාත්තන්ඩිය ප්‍රා.සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් නිලතලවලින් අස්වෙයි

    නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පරිසර සහ පොදු පහසුකම් කමිටුවේ සභාපති ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රී සුසිත් මහසෙන් මහතා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට ලිපියක් යවමින් දැණුම් දීමට කටයුතු කර ඇත.

    ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසිත් මහසෙන් මහතා විසින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත යවා ඇති ලිපියේ මෙසේද සදහන් වේ.

    “පළාත් පාලන නියෝජිතයින්ගේ කාලය පෙබරවාරි මස 10 වැනිදායින් අවසන් වී ඇත. එවන් තත්ත්වයක් මත තව දුරටත් ප්‍රාදේශීය සභාවේ නිලතල දරමින් බෝඩ් ලෑල්ලක් පමණක් බවට පත් වන්නට මා අදහස් කර නැත. එයින් සිදු වන්නේ අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීම සහ නිලධාරීන් අපහසුතාවයට පත් කිරීම පමණි. එමෙන්ම නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ වත්මත් පාලනාධිකාරිය සම්බන්ධයෙන්ද මා හට ගැටළුවක් ඇත. මෙම තත්ත්වය අනුව තව දුරටත් මම නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පරිසර හා පොදු පහසුකම් කමිටුවේ සභාපති ධූරය දැරීමට අදහස් නොකරමි.”

    Susith Mahasen - 04
    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img