Home උණුසුම් පුවත් වනජීවී නියාමකවරයෙක් කලාඔයට වැටී මරුට

වනජීවී නියාමකවරයෙක් කලාඔයට වැටී මරුට

0
වනජීවී නියාමකවරයෙක් කලාඔයට වැටී මරුට

වනජීවී දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව නියාමකවරයෙකු කලාඔයට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ එළුවන්කුලම පිහිටි විල්පත්තුව පිවිසුමේ සේවය කරමින් සිටි වන සත්ත්ව නියාමකවරයෙකු වන එච්.එම්.පී.ඒ.රත්නායක (අවු:33) නම් අයෙකි.හෙතෙම ගල්නෑව – උල්පතගම පදිංචිකරුවෙකි.

ඊයේ (15) වැනිදා සවස 2.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට පත්ව ඇති වන සත්ත්ව නියාමකවරයා කලාඔය ඉව්රේ සිට කිසියම් අයෙකු සමග දුරකනයෙන් කථා කරමින් සිට ඇත.එම අවස්ථාවේදී ඔහු එක්වරම කලාඔයට වැටී ඇත.

වහාම ක්‍රියාත්මක වී ඇති වන ජීවී නිලධාරීන් මේ බව නාවුක හමුදාවට දැණුම් දී ඇත.අනතුරව නාවුක හමුදා නිලධාරීන් විසින් අඩි 10 ක් පමණ ගැඹුරේ ගිලී සිටි ව සත්ත්ව නියාමකවරයාව සෙයා ගෙන ඇත. ඒ වන විටත් ඔහු ජීවතුන් අතර සිට ඇත.

අනතුරට පත්ව සිටි නිලධාරියාව ප්‍රතිකාර සදහා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු ඒ වන විටත් මිය ගොස් තිබී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here