Home උණුසුම් පුවත් බයික් එකේ ගිය තරුණයින් දෙදෙනකුට ඇසිඩ් ප්‍රහාරයක්

බයික් එකේ ගිය තරුණයින් දෙදෙනකුට ඇසිඩ් ප්‍රහාරයක්

0
බයික් එකේ ගිය තරුණයින් දෙදෙනකුට ඇසිඩ් ප්‍රහාරයක්

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර පලාගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.

පසුගිය 15 වැනිදා රාත්‍රීයේ පුත්තලම – ඉබන් බතූතා මාර්ගයේදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත.

ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පුත්තලම – ඉබන් බතූතා මාවත පදිංචිව සිටි සේගූල් ආබ්දීන් ඉන්ෆාස් (අවු:23) සහ ෆයිරූස් නජීබ් (අවු:21) නම්වූ තරුණයින් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා පුත්තලම නගරයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් අලවි සැළක සේවකයින් බව පොලීසිය කියයි.සේවා කටයුතු අවසන් වී නිවාස බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට ඔවුන් ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත.

ඇසිඩ් ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති තරුණයින් දෙදෙනා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද්දේ කව්රුන් විසින්ද යන්න ඊට ලක්වූ අයවළුන් හදුනා ගෙන නැත.

පුද්ගලික ආරවුලක් මත මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැකකරනේ යැයි පොලීසිය කියයි.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්හණ කටයුතු කරගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here