තවත්

    නිමි ඇඳුම් මිලත් ඉහලට

    අධික ලෙස අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සියලුම නිමි ඇඳුම් මිල සියයට 30 – 31ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පමණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පවසන්නේ අමුද්‍රව්‍ය ගෙන්වීමේදී අඩි 40ක කන්ටේනරයක් වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු ලෙස නැව් සමාගම අය කළ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල මේ වනවිට රුපියල් ලක්ෂ දහයකට ආසන්න වී ඇති බවයි.

    එමෙන්ම රෙදි වර්ග අඩියකට අය කළ රුපියල් 6,000ක මුදල රුපියල් 25,000කට ආසන්න වී තිබෙන බවත් ඔහු සදහන් කළා.

    පවතින තත්වය තුළ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත් දහස් ගණනකට රැකියා අහිමි වෙමින් තිබෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

    රටට බරක් නොවී ග්‍රාමීය ජනතාව මැෂින් කිහිපයක් උපයෝගී කර ගනිමින් නිමි ඇඳුම් කර්මාන්තයේ නිරතව සිටි බවත් පවතින තත්ත්වය තුළ විශාලම බලපෑමක් සිදුව තිබෙන්නේ එම ජනතාවට බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පමණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img