Home උණුසුම් පුවත් බැසිල්ට විශ්වාසභංගයක්

බැසිල්ට විශ්වාසභංගයක්

බැසිල්ට විශ්වාසභංගයක්

ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් ජනජීවිතය අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන බව සමඟි ජනබලවේගය පවසයි.

එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ ඒ පිළිබඳව මේවනවිට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා වන බවයි.

එමෙන්ම සමඟි ජනබලවේගයේ හවුල්කාර පක්ෂ සමඟ ද මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here