තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් වැරදිලා පත්තුවුන මිසයිලය ගැන හොයන්න ජාත්‍යන්තර මැදිහවීත්මක් ඉල්ලයි

    ඉන්දියාවෙන් වැරදිලා පත්තුවුන මිසයිලය ගැන හොයන්න ජාත්‍යන්තර මැදිහවීත්මක් ඉල්ලයි

    ඉන්දියාව විසින් පාකිස්ථානය වෙත අතවැරදීමකින් එල්ල කළ බව කියන මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් පවත්වන ලෙසත් මතුව පවතින තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මැදිහත්මක් අවශ්‍ය බවත් පාකිස්ථානය ඉල්ලා සිටියී.

    ඉකුත් 9 වැනිදා ඉන්දියාව විසින් පාකිස්ථානයට මිසයිල ප්‍රහාරය් එල්ල වූ  අතර එය නඩත්තු කටයුත්තකදී සිදුවූ අත්වැරදීමකින් සිදුවූවක් බව ඉන්දියාව ප්‍රකාශ කළේය. ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවද ඉන්දියාව විසින් නිවේදනය කළේය.

    මෙම මිසයිල ප්‍රහාරයෙන් කිසිඳු ජීවිව හෝ දේපල හානියක් වාර්තා නොවීය. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථානය සිය දැඩි අප්‍රසාදය පළකර අතරම ඉන්දියාව විසින් අභ්‍යයන්තර පරීක්ෂණයක් පමණක් පැවැත්වීමටද සිය බරපතල විරෝධය පළකර තිබේ.
    ඒ අනුව පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවද මැදිහත්විය යුතු බවයි.

    මේ අතර පාකිස්ථානය විසින් ඉන්දියාවෙන්  සිය මිසයිල පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සහ යලිත් මෙලෙස අත්වැදරීමකින් මිසයිල එල්ලවීම වැලැක්වීම සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

    ඉන්දියාව සහ පාකිස්ථානය සතුව න්‍යෂ්ටික අවි පවතින අතර යම් ආකාරයකින් දෙරට අතර න්‍යෂ්ටික ගැටුමක් ඇති වුවහොත් කළාපයේ මෙන්ම ගෝලීය බලතුලනය මෙන්ම ආරක්ෂාවටද දැඩි බලපෑමක් එල්ල වනු ඇත. 

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img