මුල් පිටුව special සෙම්ගෙඩි ප්‍රදාහය සඳහා ආයුර්වේදය තුලින් සහනය

සෙම්ගෙඩි ප්‍රදාහය සඳහා ආයුර්වේදය තුලින් සහනය

0
Uses tonsil to check throat. Young pediatrician works with little female visitor in the clinic

බොහෝ දෙනා පීඩා විඳින රෝග තත්ත්වයක් ලෙස සෙම් ගෙඩි ප්‍රදාහය හඳුනා ගන්න පුළුවන්. මේ තත්වය ස්ට්‍රෙප්ටොකොකයි විෂබීජය නිසා හටගන්නා බව නවීන මතයයි. උෂ්ණදායි ආහාරපාන වැඩිපුර ගැනීමෙන් ද මේ තත්ත්වය ඇති වීමට ද පුළුවන්. මේ තත්වය වලකා නොගත්හොත් භයානක අතුරු ප්‍රතිපල ඒමටද පුළුවන්.

සෙම්ගෙඩි ප්‍රදාහය ආයුර්වේදය තුළ හඳුන්වන්නේ හනු සන්ධි ආශ්‍රිතව උගුරේ අභ්‍යන්තරයේ කෂ හා රක්තය දූෂණය වීම නිසා ඇතිවන අධික වේදනාව, දැවිල්ල, පැසවීම සහිත වූ වල්කපු ගෙඩියක ආකාරයේ ගත් ඉදිමුම කුණ්ඛතේරී ලෙස ආයුර්වේදය තුළ දී හඳුන්වනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙම් ගෙඩි ප්‍රදාහය ලෙස හඳුන්වනවා.

Dark-haired man wearing scarf while having tonsillitis
Dark-haired man wearing scarf while having tonsillitis

මෙහිදී මූලික ලක්ෂණ ලෙස උගුරේ වේදනාව, කෙළ හා ආහාරපාන ගිලීමේ අපහසුව, කටහඬ වෙනස්වීම, සමහර අවස්ථාවලදී උණ, සිරුරේ දුබල ගති හුස්ම ගැනීමේ අපහසුතා යන මේවා ප්‍රමුඛ ලක්ෂණ වේ.

සාමාන්‍යයෙන් සෙම් ගෙඩි ප්‍රදාහය අපි අහල අත්විඳලා තියෙන්නෙ සෙම්ප්‍රතිශ්‍යාව හරහා හටගන්නා බවයි. සෙම්ප්‍රතිශ්‍යාව කියලා කියන්නේ වෛරස් ආසාදනය වීම නිසා රෝගී තත්වයක් නිසා එම වෛරස් සෙම්ගෙඩි ආසාදනය කළ විට සෙම්ප්‍රතිශ්‍යාව සමගම සෙම්ගෙඩි ආසාදනය ඉදිමෙනවා.

මීට අමතරව බැක්ටීරියා ආසාදනය වීම නිසාත් සෙම්ගෙඩි ඉදිමෙනවා. නාසය, මුඛය හරහා මේ විෂබීජය ඇතුළු වෙන්න පුළුවන්. මීට අමතරව හිස් කබලේ මුහුණ ආශ්‍රිත වාත කුටීර වල සෙම පිරීම නිසාත් සෙම්ගෙඩි හට ගන්න පුළුවන්.

සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කෙනකුගේ සුළු ආසාදන තත්ත්වයක් හමුවේ වුවද නිතර සෙම්ගෙඩි ඉදිමීම ලක් වීමට පුළුවන්.

සෙම්ප්‍රතිශ්‍යාව සමග අවුරුද්දට වරක් දෙවරක් සෙම්ගෙඩි ඉදිමුම ඉන්න පුළුවන්. නමුත් නිතර නිතර ඉදිමුම අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි. ප්‍රතිකාර නොකර නොසලකා හැරීම භයානක වෙන්න පුළුවන්.

ප්‍රතිශක්තිකරණය දුර්වල බව හා භයානක තත්ත්වය නම් ආසාදනයන්ට ප්‍රතිරෝධී සිරුරේ නිපදවන සමහර සංඝටක හෘදය / ස්නායු සෛල / වකුගඩු / සන්ධි වැනි අවයවවලට හානි වීමට පුළුවන්.

කුඩා දරුවන්ට නිතර නිතර සෙම්ගෙඩි ප්‍රදාහය එනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර උපදෙස් ලබා ගත යුතුයි.

ඒ වගේම නිතර නිතර සෙම් රෝග ඇතිවීමට විවිධ හේතු බලපායි. පීනස , ඇදුම , දේශගුණික / කාලගුණික වෙනස්කම් , සමහර ආහාර පාන , දූවිලි , සුවඳ විලවුන් , මානසික තත්ව වලදී සිදුවන වෙනස්කම් නිසා සෙම් රෝග එන්න පුළුවන්.

Sick woman having sore throat, tonsillitis, feeling sick, suffering from painful swallowing, angina

ඔබට නිතර නිතර සෙම්ගෙඩි ආසාදනය ඇති වෙනවා නම් නිවසේදී කල හැකි අත් බෙහෙත්
මද රස්නෙ උතුරට ලුණු දමා උගුර සේදීම.
ඇඹුල් දොඩම් / ගම්මිරිස් / ඉඟුරු ඉස්ම දිව මත තබා සෙම ඉවත් කිරීම.
හීනි මදුරුතලා කොළ / ගම්මිරිස් ඇට තැම්බූ ජලයෙන් උගුර සේදීම.
කාමරංකා පොතු තැම්බූ ජලයෙන් උගුර සේදීම.
උණ අවස්ථාවේදී පස්පංගුව තම්බා පානය.
ක්ලේශ්මාව තෙල් හෝ බටු තෙල් උගුරේ බාහිර ආලේපනය.

මේවා කරමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි.

විශේෂයෙන් මෙවැනි අපහසුතා නිසා මව්කිරි හෝ ආහාර ගැනිම ප්‍රතික්ෂේප කරන විට අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

ඒ වාගේම
මද රස්න උණු වතුර නිතර භාවිතය.
පිරිසිදු ආහාර පාන ගැනීම.
AC / fan අවම භාවිතය.
පීනස / සෙම / කෝටරක ප්‍රදාහය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම .
පිරිසිදු වටපිටාව.
සෙම් වඩන ආහාර උදා ; අලුත් කෙසෙල් / පිපිඤ්ඤා / මෑ කරල් / වම්බටු / එළකිරි / ඇඹුල් කෙසෙල් / බණ්ඩක්කා වැනි ආහාර ගැනීම අවම කිරීම.

සුදුසු වෛද්‍ය උපදෙස් හා නිවැරදි ජීවන පැවැත්ම හරහා මෙවැනි ආසාදන වලින් ඔබට අත් මිදීමට හැකියාව ලැබේවි.

වෛද්‍ය උපදෙස් ;
බොරැල්ල දේශීය වෛද්‍ය විද්‍යාතනයෙහි කථිකාචාර්ය
ආයුර්වේද වෛද්‍ය S.P.A.S. නිශාන්.
BAMS (ගෞරව) Colombo University.

කේෂාණි සෙනවිරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version