තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPඉවත් කරනලද විමල්ට ගම්මන්පිලට තවදුරටත් කැබිනට් අමාත්‍ය ආරක්ෂාව

    ඉවත් කරනලද විමල්ට ගම්මන්පිලට තවදුරටත් කැබිනට් අමාත්‍ය ආරක්ෂාව

    අමාත්‍යධූරයෙන් ඉවත් කරනලද විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ට තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

    සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ආරක්ෂකයන් දෙදෙනෙකු පමණක් ලබා දෙනවා.

    ඒ අනුව පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ගණන ද අඩු කිරීමට නියමිතව තිබුණා.

    නමුත් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ට තව දුරටත් කැබිනට් අමාත්‍යවරුන්ට හිමි ආරක්ෂාව ලැබෙනු ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img