Home උණුසුම් පුවත් චීන මුහුදට කඩාවැටුණු ඇමරිකාවේ සුපිරි ප්‍රහාර යානයේ සුන්බුන් ගොඩගනී

චීන මුහුදට කඩාවැටුණු ඇමරිකාවේ සුපිරි ප්‍රහාර යානයේ සුන්බුන් ගොඩගනී

0
චීන මුහුදට කඩාවැටුණු ඇමරිකාවේ සුපිරි ප්‍රහාර යානයේ සුන්බුන් ගොඩගනී

දකුණු චීන මුහුදට කඩා වැටුණු ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලොව නවීනතම ප්‍රහාරක ගුවන් යානය ගොඩ ගැනීමට සමත්වූ බව ඇමරිකානු නාවික හමුදාව සඳහන් කරයි.

පස්වන යුගයට අයත් එෆ් 35 සී ලයිට්නින් 2 නැමති මෙම ගුවන් යානය පසුගියදා දකුණු චීන මුහුදේදී ගුවන් යානා ප්‍රවාහක නෞකාවකට ගොඩබෑමට යාමේදී මුහුදට කඩා වැටිණි.

එහිදී යානය පැදවූ නියමුවා ඉන් ආරක්ෂිත ඉවත්වීමට සමත්වූ අතර නෞකාවේ සිටි නාවිකයින් කිහිප දෙනෙකු තවාල ලැබීය. කෙසේ වෙතත් මෙම යානය මුහුදට කඩා වැටීමත් සමඟ එය චීනය අත්පත් කරගැනීමේ අවදානමක්ද මතුවිය.  

ඒ අනුව ඇමරිකානු නාවික හමුදාව වහාම ක්‍රියාත්මක වී සිය මුහුදුබත් වූ යානය සෙවීමේ මෙහෙයුම් දියත් කෙරිණි. මෙහිදී ඇමරිකා නාවික හමුදාවේ 7වැනි නාවික බලඇණිය විසින් රොබෝ සබ්මැරීනයක් මුහුදු පතුලට යැවීමට පියවරගෙන තිබිණි. එය මීටර් 3780ක ගැඹුරක් දක්වා ගමන් කර තිබේ.

එහිදී අදාල සබ්මැරීනයට කඩා වැටුණු යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකිවූ අතර පසුව ඉතාම සුරක්ෂිතව එම සුන්බුන් මුහුදු පතුලෙන් ගොඩට ගැනීමට හැකිවී ඇත.

මෙම ප්‍රහාරක යානය ලොව නවීනතම ප්‍රහාර ගුවන් යානා වර්ග වලින් එකක් වේ. මෙම වර්ගයේ ගුවන් යානා වලට රේඩාර් පද්ධති මඟ හරවා යෑමටද හැකියාව පවතී. එසේම මෙම යානය ගුවන් යානා ප්‍රවාහක නෞකා සහ සමාන්‍ය ගුවන් හමුදාන්ට ගැලෙපෙන ලෙස මාදිලි තුනකින් නිර්මාණය කරයි.

එම යානය දැන ඇමරිකාව සහ ඔවුන්ගේ හිතවාදී රටවල් කිහිපයක් පමණක් භාවිතා කරන අතර පසුගිය කාලයේදී සෞදි අරාබියද මෙම ගුවන් යානා මිලදී ගැනීමට දැකි උනන්දුවක් දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here