තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්දේශපාලනයයුක්‍රේන ජනාධිපති ගැන පළවන ඡායාරූප වල ඇත්ත නැත්ත

    යුක්‍රේන ජනාධිපති ගැන පළවන ඡායාරූප වල ඇත්ත නැත්ත

    රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කිරීමත් සමඟම යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් තමන් කීව් නගරයෙන් ඉවත්ව නොගිය බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු යුධ ඇදුමට සමාන ඇදුමකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක්ම සමාජ ජාල මාධ්‍ය වල සැරි සරන්නට පටන්ගෙන තිබිණි.

    එහිදී ඇතැමුන් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති සෙලෙන්ස්කි හමුදා සමඟ එක්ව සටන් බිමට ගොස් සිටින බවත්ය.

    මෙම ජායාරූප වලට සමාජ  ජාල මාධ්‍ය තුල විශාල අවධානයක් යොමු කළ අතරම යුක්‍රේන ජනාධිපතිවරයාට ප්‍රසංශා කරමින් බොහො දෙනෙක් එම ජායාරූප සිය සමාජ මාධ්‍ය ගිණුම් වල පළකරන තිබූ අයුරුද දැක ගැනීමට හැකිවිය.

    එහෙත් මෙම ඡායාරූප සම්බන්ධයෙන් ඉන්ඩියා ටුඩේ සඟරාව කළ සොයා බැලීමකින් නව කරුණු රැසක් අනාවරණයක් කර ගැනීමට සමත්ව ඇත. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ඡායාරූප මීට පෙර අවස්ථාවලදී ගන්නා ලද ඡායාරූපයක් බවයි.

    ඉන්ඩියා ටුඩේ සඟරාව විසින් මෙම ජායාරුප වල මූලය සොයා බැලීම කර ඇති අතර එහිදී අනාවරණ්‍ය වී ඇත්තේ සෙලෙන්ස්කි විසින් යුධ අගලක ගමන් කරන අයුරු දැක්වෙන ඡායාරූපය ගෙටී ඉමේජස් හී පළවූ ජායාරූපයක් බවයි.

    Embed from Getty Images

    ගෙටී ඉමේජ් හී පළවී ඇති මෙම ඡායාරූපය 2021 වර්ෂයේදී දෙසැම්බර් 06 වැනිදා යුක්‍රේන ජනාධිපතිවරයා විසින් ඩොන්බාස් හීදී ගන්නා ලද්දකි.  මේ ඡායාරූපය රොයිටර් පුවත් සේවය දෙසැම්බර් මස 10 වැනිදා පළකර තිබිණි.

    එසේම සෙලෙන්ස්කි විසින් හෙල්මටයක් අතෙන් රැගෙන ගමන් කරන ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය වල දැක ගැනීමට හැකිවූ අතර එම ඡායාරූපයද යුක්‍රේන ජනාධිපතිවරයා සටන් බිමට පිවිස ඇති බවට සඳහන් කරමින් විශාල අවධානයක් දිනාගෙන තිබිණි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ එම ඡයාරූපය රොයිටර් පුවත්සේවයේ 2021 වර්ෂයේ අප්‍රේල් 21 වැනිදා පළවුවක් බවයි. රොයිටර් පුවත් සේවයට අනුව මෙම ඡායාරුපය වෙනත් අවස්ථාවක ගන්නා ලද්දකි.

    එම ඡායාරූපයටද ඩොන්බාස් ප්‍රදේශයේ 2021 වර්ෂයේ අප්‍රේල් 9 වැනිදා කළ සංචාරයක් අතරතුරදී ගන්නා ලද්දකි.

    මේ අතර තවත් ඡායාරූප කිහිපයක් යුක්‍රේන ජනධිපතිවරයා හමුදා සමාජිකයින් සමඟ යුද ඇදුමට සමාන අයුරින් සැරසී සිටින අයුරු දැක ගැනීමට හැකිවිය. එහිදී සෙලෙන්ස්කි යුක්‍රේනයේ ඩාන්යෙක්ස් හිදී හමුදා සාමාජිකයින්ව පෙබරවාරි 17 වැනිදා හමුවූ අවස්ථාවේදී ගන්නා ලද්දක් බව අනාවරණය වේ.

    මෙහිදී සෙලෙන්ස්කි විසින් කිසිඳු අවස්ථාවකදී ගැටුම් පැවති ප්‍රදේශ වලට ගමන් කළ බවට එම ඡායාරූප වලින් සනාථ නොවන අතර ඔහු එම ඡයාරූප වල යුද ඇදුමක් නොව ආරක්ෂක ඇදුම් කට්ටලයක් පමණක් හැඳ සිටින බවද අනාවරණය වන බව ඉන්ඩියා ටුඩේ සඟරාව සඳහන් කරයි.

    Embed from Getty Images

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img