
අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින අතර ඉදිරි සති දෙක තුන ඇතුළතදී රටට අවශ්‍ය ඖෂධවලින් 25%ක් පමණ ප්‍රමාණයක් හිඟ වන බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති සංජීව විජේසේකර මහතා පැවසීය.
දියවැඩියාව අධික රුධිර පීඩනය සහ හෘද රෝග වැනි රෝග ගණනාවකට අත්‍යවශ්‍ය වන ඖෂධ පවා මේ වන විට රටේ හිඟව තිබෙන බවද විජේසේකර මහතා කීය.
ඩොලර් හිඟය සහ වාණිජ බැංකු ණය ණයවර ලිපි විවෘත නොකිරීම මත ඇතැම් ඖෂධ සැපයුම්කරුවන් රටට ඖෂධ ගෙන්වීම අතහැර දමා තිබෙන බවද ඔහු සඳහන් කළේය.
රටට අවශ්‍ය ඖෂධ වර්ග 60 ක පමණ හිඟයක් ඒ පිළිබඳ බලධාරීන් උනන්දුවක් නොදක්වන බව ද ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කීය.
ලංකාවට ඖෂධ ගෙන්වීම සඳහා මසකට ඩොලර් මිලියන 25ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එය සපයා දී අඛණ්ඩ ඖෂධ සැපයීමක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්න ඒ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා කීය.