Home උණුසුම් පුවත් උසස් පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ළඟදීම

උසස් පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ළඟදීම

උසස් පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ළඟදීම

උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට ගතවන කාලය අඩුකරන බවට තමන් සහතික වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත් අමාත්‍යවරයා සදහන් කළා.

උසස් අධ්‍යාපන ආයතනවලින් සහයෝගය ලබාගෙන රටේ සෑම නිවසකට ම යමින්, ජනතාවගේ නිරෝගීභාවය සහතික කරන, ක්‍රමයක් ඇතිකළ යුතු බව ද ඔහු පැවසුවා.

එමෙන්ම වෛද්‍ය හා හෙද සේවයට සහය දීමට ස්වේච්ඡා සේවා ආරම්භ විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here