තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්‍රේනයෙන් චීනයට හදිසි ඉල්ලීමක්

    යුක්‍රේනයෙන් චීනයට හදිසි ඉල්ලීමක්

    රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම අවසන් කිරීමට මැදිහත් වන ලෙසට යුක්‍රේන රජය චීනයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

    ඒ අනුව යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා විසින් දුරකථන ඇමතුමක් හරහා චීන විදේශ අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බවට යුක්‍රේන රජය පවසයි.

    එහිදී චීනය රුසියාව සමඟ පවත්වා ද්වීපාර්ශවීය සබඳතා යොදාගෙන මෙම ඉල්ලීම කරන ලෙසද යුක්‍රේන විදේශ අමාත්‍යවරයා විසින් චීනයෙන් ඉල්ලා තිබේ.

    යුක්‍රේන විදේශ අමාත්‍යංශය සඳහන් කරන පරිදි චීනය විසින් තමන්ට හැකි උපරිමයෙන් මෙම යුද ගැටුම අවසන් කිරීමට සහය වන බවට ප්‍රකාශ ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img