ජනප්‍රිය ගී පද රචකයකු මෙන්ම ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයකු වූ චන්න ජයනාත් මහතා අද (26) අභාවප්‍රාප්ත විය.
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව පවුලේ සාමාජිකයකු ප්‍රකාශ කළා.
‘ඉගිලෙන්න තහනම් නම් දුරක්’ , ‘කවි සී පද ඇහෙන රෑට’, ‘සුමුදු වලාවක අඳුර වෙලා’, ‘මෙවලම් මොකටද මෙතරම්’, ‘සමාවෙන්න රත්තරනේ’, ‘සඳ යාත්‍රා කලා වගෙ මතකයි’, ‘සංසාර සිහිනයේ’ , ‘මගේ දුප්පත් ඇස් දෙක’, ‘සඳ රැජිනියේ’, ‘සේපාලිකා මලයි’, ‘සුදු අරලියා මල’ ඇතුළු ජනප්‍රිය ගීත රාශියක් ඔහු විසින් රචනා කර ඇත.
96 වසරින් ආරම්භ වූ සන්ෆ්ලවර් කැසට් රැල්ල වෙනුවෙන් නිල්වලා ආයතනය නිෂ්පාදන කළ කැසට්පට රාශියක් වෙනුවෙන් චන්න ජයනාත් මහතා ගී පද රචනයෙන් දායකවිය.
චන්න ජයනාත් මහතා දෙදරු පියෙකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.