තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුන්නා මදි - ගුරුවරු යළි වර්ජනයකට සැරසේ

    දුන්නා මදි – ගුරුවරු යළි වර්ජනයකට සැරසේ

    අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රාජකාරි කටයුතුවල නිරත වන ගුරුවරුන්ට ගෙවන දෛනික දීමනා මේ වසරේදී අඩු කර ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

    විභාග ශාලාධිපතිවරයෙකුට දිනකට රුපියල් 2,100 ක මුදලක් ඉකුත් වසර වලදී ගෙවූ නමුත් මේ වසරේදී රුපියල් 1800 දක්වා ද සහකාර ශාලාධිපතිවරයෙකුට ගෙවූ රුපියල් 1800 මුදල 1600 දක්වා ද විභාග නිරීක්ෂකයෙකුට ගෙවූ 1600ක මුදල රුපියල් 1300 දක්වා අඩු කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

    මීට අමතරව විභාග ශාලාවල සේවකයෙකුට දිනකට රුපියල් 1100 ක මුදලක් ගෙවූ නමුත් මේ වසරේදී එය රුපියල් 900 දක්වා අඩු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

    නියමිත පරිදි ඉකුත් වසරේ දී නියමිත පරිදි ගෙවූ මුදල් මේ වසරේ දී ලබා නොදුනහොත් ඉදිරියේදී පැවැත්වෙන විභාග රාජකාරි වර්ජනය කරන බවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img