තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් කැබිනට් ඇමතිවරයෙකුගෙන් විදුලියට කෝටියකට ආසන්න පොල්ලක්

    තවත් කැබිනට් ඇමතිවරයෙකුගෙන් විදුලියට කෝටියකට ආසන්න පොල්ලක්

    තවත් කැබිනට් ඇමතිවරයකු ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 83ක පමණ ගෙවිය යුතු විදුලි බිල්පතක් නොගෙවා පැහැර හැර ඇතැයි වාර්තා වේ.

    මේ වන විට ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධුරයක් දරණ එම ඇමතිවරයා 2015 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන සමයේ සිට මේ දක්වා වසර ගණනාවක්ම ඔහු පදිංචිව සිටි කොළඹ පරණ පාරේ පිහිටි නිවසේ විදුලි බිල ගෙවා නැතැයිද ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ වෙනුවෙන් එම ඇමතිවරයා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් 8356202ක මුදලක් ගෙවිය යුතුව තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම හිඟ මුදල කඩිනමින් කියවා ගිණුම නිරවුල් කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ නගරය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හේමන්ත රණසිංහ මහතා ඉකුත් ජනවාරි මස එකොළොස් වන වනදා අදාළ ඇමතිවරයාට ලිපියක් යවා තිබේ .

    එහෙත් මේ දක්වා එම ලිපියට ප්‍රතිචාර දක්වමින් හිඟ විදුලි බිල්පත් ගෙවා නැතැයි ද වාර්තා වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img