Home උණුසුම් පුවත් දූෂණ මර්දන කමිටුවේ අක්‍රමිකතා ගැන ජනපති කොමිසම සාක්ෂි විමසයි

දූෂණ මර්දන කමිටුවේ අක්‍රමිකතා ගැන ජනපති කොමිසම සාක්ෂි විමසයි

දූෂණ මර්දන කමිටුවේ අක්‍රමිකතා ගැන ජනපති කොමිසම සාක්ෂි විමසයි

දූෂණ මර්දන කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මඟින් සිදුකරන ලද බව කියන අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම එළඹෙන සඳුදා (28)දින සිට ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි විශේෂ ජනාධිපති කොමිෂන් සභා ශාලවේ දී පෙරවරු 10.30 ට සාක්ෂා විමසීම ආරම්භ කෙරෙන බවයි.

1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා පනතේ විධිවිධාන පරිදි පසුගිය වසරේ ජනවාරි 28 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කොමිසම් සභාව පිහිටුවනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here