තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු මාසයේ බිහිසුණු රිය අනතුරු 1800ක්

    ගෙවුණු මාසයේ බිහිසුණු රිය අනතුරු 1800ක්

    ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් දිනකට පුද්ගලයින් 8 දෙනෙකු පමණ මිය යන බව පොලිස් වාර්තාවලට අනුව පෙනීයන්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීමේ විශේෂඥ කමිටුව සඳහන් කරයි.

    ඉකුත් ජනවාරි මාසයේ දී රට තුළ බිහිසුණු රිය අනතුරු 1875ක් සිදු වූ අතර ඉන් 235 ක් මාරක අනතුරු වූ බවද ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීමේ විශේෂඥ කමිටුවේ ලේකම් වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ මහතා කීය.

    ජනවාරි මාසයේ සිදු වූ මාර්ග අනතුරු අනතුරුවලින් 39ක් ත්‍රිරෝද රථ අනතුරු වන බවද ඔහු සඳහන් කළේය.

    ගෙවී ගිය මාසයේ දී ත්‍රීරෝද රථ අනතුරුවලින් 40 දෙනකු මිය ගොස් ඇතැයි ද ඔහු කීය.

    ජනවාරි මාසයේ දී සමස්ත රිය අනතුරු මරණ 250ක් සිදුව ඇතැයිද රුවන් තුෂාර මහතාද සඳහන් කළේය .

    ඉකුත් 2021 වසරේදී මෙරට මාරක රිය අනතුරු 2414ක් සිදුව තිබෙන අතර ඉන් 2513 නෙකු මරණයට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    රිය අනතුරු රටේ ආර්ථිකයට දළ දේශීය ආදායම 3%ක පමණ ප්‍රමාණයක් අහිමි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් රුපියල් බිලියන 450ක් පමණ වසරකදී රිය අනතුරු නිසා වියදම් වන බවද ඔහු සඳහන් කළේය .

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img