
ප්‍රවීණ ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු වූ තිස්ස බණ්ඩාරනායක මහතා අද (20) අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි බණ්ඩාරනායක මහතා මියයන විට 65 හැවිරිදි වියෙහි පසුවිය.
කාහල නාදය, අලුබඳුන, ගිරිකුල, මහතලා හටන, යුගවිලක්කුව, සංසාරේ පිය සටහන්, සිත නිවන කතා ආදී ටෙලි නාට්‍යවල මෙන්ම භවදුක, වෑකන්ද වලව්ව, නිල් දිය යහන, ඉගිලෙන මාළුවෝ, දැවෙන විහඟුන් ඇතුළු චිත්‍රපටවලට රංගනයෙන් දායකවූ බණ්ඩාරනායක මහතා
ඒකාධිපති, මකර රාක්‍ෂයා, ධවල භීෂණ ආදී වේදිකා නාටඨ ඇතුළු නිර්මාණ 300 චරිත නිරූපණය කර ඇත.
අභාවප්‍රාප්ත තිස්ස බණ්ඩාරනායක මහතා ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූයේ භික්ෂුන් වහන්සේලාගේ චරිත නිරූපණය කිරීමෙනි.
ඔහු හොඳම සහය නළුවාට හිමි සුමති සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින්ම පිදුම් ලබා ඇත.
තිස්ස බණ්ඩාරනායක මහතාගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී හෙට (21) පස්වරු 6.00ට සිදුකෙරේ.