Home උණුසුම් පුවත් EPF එකෙන් සල්ලි ගැනීම පහසු කරන්න යයි

EPF එකෙන් සල්ලි ගැනීම පහසු කරන්න යයි

EPF එකෙන් සල්ලි ගැනීම පහසු කරන්න යයි

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට එම අරමුදලෙන් 30% ක මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පහසු කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තමන්ට අයත් මුදලින් 30% ක ප්‍රමාණයක් නිවසක් සාදා ගැනීමට හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් විශ්‍රාම යාමට පෙර ලබාගත හැකි නමුත් එය ලබා ගැනීම තරමක් සංකීර්ණ බවට විවිධ පැමිණිලි ලැබී ඇති බවද ඇමැතිවරයා කීය.

එමනිසා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට වඩාත් පහසු ක්‍රමයකට සියයට 30 ක මුදල ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ඉදිරියේදී සැලසීම අපේක්ෂා කරන බවද නිමල් සිරිපා ද සිල්වා මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here