තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටු රැළිය තිබ්බ තැනම සජිත්ගේ රැළිය තියන්න අනුමැතිය

    පොහොට්ටු රැළිය තිබ්බ තැනම සජිත්ගේ රැළිය තියන්න අනුමැතිය

    සමගි ජන බලවේගයේ දෙවැනි සංවත්සර සැමරුම් රැලිය ලබන මස දෙවැනි සතියේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීම අද (18) කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂයේ ප්‍රධාන කාර්යාලය පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදී මෙම අනුමැතිය හිමිවූ බව එහි ප්‍රකාශකයකු පැවසීය.

    සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් මෙම රැළියේ මෙහෙයුම් සඳහා පත්කර ඇත.

    එමෙන්ම කුමන අවස්ථාවක මැතිවරණ පැවැත්වූ වුවත් ඒ සඳහා සූදානම් වන ලෙස එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකයින් වෙත දී තිබේ.

    මේ සඳහා පක්ෂ ශාඛා සමිති ශක්තිමත් කිරීමටත් ජන පවුර සහ සදහම් යාත්‍රා වැඩසටහන ශක්තිමත් කිරීමටත් අවශ්‍ය කටයුතු කරන ලෙසත් විපක්ෂනායකවරයා උපදෙස් දී ඇත.

    ආණඩුවේ වැඩපිළිවෙළට එරෙහිව ලබන මස සිට ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි ද හෙතෙම පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img