Home උණුසුම් පුවත් “ඔව් කපනවා” – “නෑ කපන්නේ නෑ”

“ඔව් කපනවා” – “නෑ කපන්නේ නෑ”

“ඔව් කපනවා” – “නෑ කපන්නේ නෑ”

ඉන්ධන අර්බුදය හමුවේ විදුලිය විසන්ධි කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අතර මත ගැටුමක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ කුමන හේතුවක් නිසාවත් ඉදිරි මාස තුනක කාලය තුළ කිසිදු විදුලිය විසන්ධි කිරීමකට ඉඩ නොතබන බවයි.

එහෙත් ලංකා විදුලිබල මන්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරන්නේ නිසි පරිදි ඉන්ධන නොලැබෙන්නේ නම් සහ ජලාශවල ජල මට්ටම් පහත බසින්නේ නම් විදුලි ජනනය අඩුවන හෙයින් විදුලිය විසන්ධි කිරීමක් හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ ඉදිරි මාස තුන ඇතුළත කෙසේ හෝ විදුලි ජනනය හා බෙදාහැරීම කළමනාකරණය කර ගන්නා බවය.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කරන්නේ එවැනි කළමනාකරණයක් විදුලි සම්බන්ධයෙන් සිදු කළ නොහැකි බවය.

නියමිත පරිදි ඉන්ධන නොලැබීම සහ වර්ෂාව නොලැබීම හේතුවෙන් විදුලි ජනනය අඩු වන නිසා විදුලිය විසන්ධි කිරීමක් හැර වෙනත් විකල්පයක් නැතැයි ද සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here