ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය ඉන්ධන නොමැතිකම හේතුවෙන් අද රාත්‍රියේදී හදිසියේ නතර කෙරිණ.
එම බලාගාරය නතර වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 160ක ධාරිතාවයක් අහිමි වන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
එම බලාගාරය නැප්ටා නැමැති ඉන්ධනවලින් විදුලි ජනනය සිදුවේ.
නැප්ටා ඉන්ධන නිම වීම හේතුවෙන් අද රාත්‍රී 8.20ට පමණ බලාගාරයේ ජනන කටයුතු නතර කළ බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.