ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කින්ස් කණ්ඩාය විසින් මිලදී ගනු ලැබූ ක්‍රිකට් ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සහ මෙරට ආරක්ෂක අංශ පදනම් කරගෙන දෙමළ බෙදුම්වාදී මත ප්‍රකට කිරීමේ නිතර ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය අසත්‍ය තොරතුරු පැතරවීමේ ප්‍රයත්නයක් දරමින් සිටියී.
තීක්ෂණව චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීමත් සමඟ ඊට දකුණු ඉන්දියානුවන් දැඩි විරෝධයක් පළකර ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් අදාල වෙබ් අඩවිය පවසා ඇත්තේ තීක්ෂණ මානව හිමිකම් කඩකළ හමුදාවක සාමාජිකයෙකු බවයි.
එහිදී අදාල වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකා හමුදා අංශ විසින් දෙමළ වැසියන් සමූළ ඝාතනය කළ බවත් එම කරුණු ඔස්සේ තීක්ෂණ කෙරෙහි අප්‍රසාදයක් නිර්මාණය කිරීමටත් උත්සහ දරමින් සිටියි.
මෙහිදි තීක්ෂණ විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලබාදෙන සහාය අගය කිරීමද විකෘති කිරීමට උත්සහ කර ඇති අතර එහිදී ඔවුන් විසින් හමුදාපතිවරයා දරුණු මානව හිමිකම් කඩකිරීම් වලට සම්බන්ධ වූවෙකු බවද සඳහන් කර ඇත.
අදාල වෙබ් අඩවිය විසිත් තීක්ෂණ සේවය කරනු ලබන ගජබා රෙජිමේන්තුව සම්බන්ධයෙන්ද අපහාසාත්මක කරුණු වාර්තා කර ඇති අතර එම රෙජිමේන්තුව දරුණු මානව හිමිකම් කඩකිරීම් වල නිතර වූ බවට ව්‍යාජ කරුණුද සඳහන් කර තිබේ.
මෙම වෙබ් අඩවිය සෘජුවම දෙමළ කොටි ත්‍රස්තවාදයට සහය දක්වන්නක් වන අතර ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් පිලිගැනීමක් ලබා ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව සත්‍යාපනය කළ එනම් නිල සහ සත්‍ය බවට සනාථ කරනු ලබන සමාජ ජාල ගිණුම්ද ඔවුන් සතුය.
එම තත්ත්වය හමුවේ විදේශ ජාතිකයින්ට මෙම වෙබ් අඩවිය පළ කරනු ලබන ව්‍යාජ ලිපි සත්‍ය කරුණු බවටද එත්ත ගැන්වීමටද පහසුය.