තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදෙස් ජෝඩුවලට මංගලෝත්සව ගන්න සිංහරාජය සහ සංස්කෘතික ත්‍රිකෝණය

    විදෙස් ජෝඩුවලට මංගලෝත්සව ගන්න සිංහරාජය සහ සංස්කෘතික ත්‍රිකෝණය

    විදෙස් ජාතිකයන්ට සිංහරාජ වනාන්තරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිතව විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමට අවස්ථාව ලබාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

    මෙරට ආරක්ෂිත මංගල ගමනාන්තයක් බවට විදේශිකයන් තුළ විශ්වාසය තහවුරු වීමත් සමඟ විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය වඩාත් වැඩිපුර මෙරටට ලබාගත හැකි වෙතැයි සංචාරක සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි.

    එමෙන්ම තම විවාහ මංගලෝත්සව වෙනස් ආකාරයට සංවිධානය කිරීමට ආපේක්ෂා කරන විදෙස් සංචාරකයන්ට මෙය මෙමගින අවස්ථාවක් ලැබෙනු ඇතැයිද එම අධිකාරිය විශ්වාසය පළ කරයි.

    එමෙන්ම මෙරට විවාහ මංගල කේෂ්ත්‍රයේ දියුණුවට ද මෙය මනා පිටුවහලක් වනු ඇතැයිද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img