තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රතිභාපූර්ණ ගීත රචක සමන් චන්චද්‍රනාත් වීරසිංහගේ දිවි සැරිය නිමවෙයි

    ප්‍රතිභාපූර්ණ ගීත රචක සමන් චන්චද්‍රනාත් වීරසිංහගේ දිවි සැරිය නිමවෙයි

    ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම,ප්‍රතිභාපූර්ණ ගීත රචකයකු ද වූ සමන් චන්චද්‍රනාත් වීරසිංහ මහතා අද (15) ⁣අභාප්‍රාප්ත විය.

    රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වීරසිංහ මහතා
    අභාවප්‍රාප්ත වනවිට 74 වැනි වියේ පසුවිය.

    ලංකාදීප පුවත්පත්තින් වෘත්තීය මාධ්‍ය ජීවිතය ඇරඹූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා දීර්ඝකාලයක ලේක්හවුස් ආයතනය ප්‍රකාශයකරන දිනමිණ ඇතුළු පුවත්වල සේවය කර ඇත.

    කලක් දිනමිණ උපදේශක කරතෘ ලෙසද සේවය කර ඇති ඔහු විවිධ පුවත්පත් සදහා තීරුලිපි රාශියක් සම්පාදනය කර තිබේ.

    පසුගියදා අභාවප්‍රාප්ත සංගීත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් පළමු ගීතය රචනා කළ ඔහු එතැන් සිට මේ දක්වා ගීත විශාල ප්‍රමාණයක් රචනා කර ඇත.

    සඳමඩලේ සිට – තරු මඩලේ සිට, සොඳුර මට සමුදෙන්න, සෙව්වන්දියේ, හිම රේණු වැටෙනා සීතලේ, සඳුනි, නාඹර ගොයමට රහස් කියාලා – ලා හිරු හිණහේ කිරණ හලාලා, කැන්දන් යන්නේ කවදාද මා,වාදකයාණනි ඔබේ සිතාරය, සිරිලක් දෙරණේ,ගෙදර බුදුන් අම්මා යැයි පැවසූ වැනි අතිශයින්ම ජනප්‍රිය ගීත රාශියක් ඔහු විසින් රචනා කරන ලදි.

    එමෙන්ම 2012 වසරේ පැවැති 55 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම සිංහල ගීත සාහිත්‍ය කෘතිය සඳහා හිමි සම්මානය ඔහු විසින් රචිත “සඳුනි” කෘතියට හිමි විය.

    අභාවප්‍රාප්ත සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

     

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img