Home උණුසුම් පුවත් සෞඛ්‍ය වර්ජනයෙන් බැටකන කිරි දරුවෝ

සෞඛ්‍ය වර්ජනයෙන් බැටකන කිරි දරුවෝ

සෞඛ්‍ය වර්ජනයෙන් බැටකන කිරි දරුවෝ

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භනී මාතාවන්ගේ සහ ළමුන්ගේ සායන කටයුතු නතර වී තිබේ.

රට පුරා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දිනපතා සහ සති පතා පවත්වන සායන නතර වීමෙන් ගර්භනී මාතාවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ.

කුඩා දරුවන්ට එන්නත් කිරීම, ත්‍රිපෝෂ නිකුත් කිරීම ආදී කටයුතු ද සතියක් පුරා නතර වී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව කළ විමසීමකදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නිළධාරින්ගේ කාර්යාලවල සහ ග්‍රාමීය ප්‍රදේශවල සියලු සායන වසා දමා තිබෙන බවය.

මාතෘ රෝහල්වලට අනුයුක්ත කර සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අත්‍යවශ්‍ය හා අත්‍යාවශ්‍ය හා හදිසි සේවාවන් පමණක් ඉටු කරන බව ද කොඩිතුවක්කු මහත්මිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here