Home උණුසුම් පුවත් යෝජනාව කැබිනට්ටුවට – සෞඛ්‍ය වර්ජනය ගැන තීරණයක්!

යෝජනාව කැබිනට්ටුවට – සෞඛ්‍ය වර්ජනය ගැන තීරණයක්!

යෝජනාව කැබිනට්ටුවට – සෞඛ්‍ය වර්ජනය ගැන තීරණයක්!

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය නතර කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය හෙට (15) තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ විශේෂ විධායක සභා රැස්වීමක් හෙට පෙරවරුවේ කොළඹදී පැවැත්වෙන බවද ඔහු කීය.

සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දිමනා සහ ඇමතුම් දීමනා ඉහල නැංවීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය අද ලබා ගන්නා බව තම සංගමයට පැවසූ බව ද රවි කුමුදේශ් මහතා කීය.

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සුබවාදී පිළිතුරක් ලැබුණහොත් වැඩ වර්ජනය නතර කිරීම සම්බන්ධයෙන් හෙට තීන්දුවක් ගත හැකි බවද කුමුදේශ් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here