Home උණුසුම් පුවත් එක්කෝ මිල වැඩිකිරීමක් නැත්නම් බදු සහනයක් ඕනමයි – සිපෙට්කෝ

එක්කෝ මිල වැඩිකිරීමක් නැත්නම් බදු සහනයක් ඕනමයි – සිපෙට්කෝ

එක්කෝ මිල වැඩිකිරීමක් නැත්නම් බදු සහනයක් ඕනමයි – සිපෙට්කෝ

තමන් මෙි වනවිට මුහුණ දී සිටින අර්බුදයෙන් මිදීමට ඉන්ධන සඳහා බදු සඳහා සහනයක් හෝ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කරන්නැයි ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

බලශක්ති අමාත්‍යාංශ සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ ඉන්ධන මිල මෙලෙස පවත්වාගෙන යාමෙන්, දැඩි අලාභයක් ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට දරා ගැනීමට සිදුව ඇති බවයි.

එම තත්ත්වය තුළ නිතීගත සංස්ථාවට රුපියල් නොමැති වීමෙන් ඉදිරියේදී ඩොලර් ලබා ගැනීම ද අභියයෝගයක් වී ඇතැයි ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන බදු සඳහා සහනයක් හෝ ඉන්ධන මිලෙහි වැඩිවීමක් කඩිනමින් සිදුකරන්නැයි, ඛනිජ තෙල් නිතීගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here