Home උණුසුම් පුවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඇමති විමල්ගේ ගෙදරට රැස්වෙයි

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඇමති විමල්ගේ ගෙදරට රැස්වෙයි

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඇමති විමල්ගේ ගෙදරට රැස්වෙයි

ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා (15) අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.

එහිදී රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය,විදුලිය හා ඉන්ධන අර්බුදය මෙන්ම ඉහළ යන ජීවන වියදම මඟහරවා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අදහස් ඇතුළත් යෝජනාවලියක් සකස් කරන බවද මන්ත්‍රීවරයා කීය.

එම යෝජනාවලිය ඉදිරි දෙසතිය තුළ ආණ්ඩුවට බාරදෙන බව බවද ඔහු සදහන් කළේය.

මෙම සාකච්ඡාව සදහා තම පක්ෂය මෙන්ම ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු ආණ්ඩුවේ සෙසු හවුල්කාර පක්ෂවල යෝජනා ඇතුළත් වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here