Home උණුසුම් පුවත් DNA සොරාගනු ඇතැයි බියවී PCR නොකල ප්‍රංශ ජනාධිපති

DNA සොරාගනු ඇතැයි බියවී PCR නොකල ප්‍රංශ ජනාධිපති

0
DNA සොරාගනු ඇතැයි බියවී PCR නොකල ප්‍රංශ ජනාධිපති

රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ව හමුවූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් තමන්ගේ ඩී.එන්.ඒ. සොරාගනු ඇති බවට බියවී පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණදීම ප්‍රතික්ෂේප කර තිබේ.

රොයිටර් පුවත්සේවය වාර්තා කරන අන්දමට ප්‍රංශ ජනාධිපතිවරායගේ කාර්ය මණ්ඩල හරහා සිය පුවත් සේවයට මේ බව වාර්තා වී ඇත.

ඒ අනුව මේවන විට ලෝකයේ අවධානය යොමුවී ඇති යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපවරයා සහ රුසියානු ජනාධිපතිවරයා දෙදෙනා අතර විශාල පරතරයක් පවත්වා ගනිමින් සාකච්ඡා කර තිබේ.

ඡායාරූපවල දැක්වෙන පරිදි දෙරටේ නායකින් ඉතාමත් දිගු මේසයක දොකොනේ වාඩිවී සිය සාකච්ඡාවන් පවත්වා ඇති අතර එහිදී නායකින් දෙදෙනා අතට අතදීමක්ද සිදුවී නොමැත.

රොයිටර් පුවත් සේවයට අනුව ප්‍රංශ ජනාධිපතිට රුසියානු ජනාධිපතිවරයා අසලට පැමිණ සාකච්ඡා කිරීමට අවැසි නම් ඒ සඳහා පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකරන ලෙසට රුසියානු රජය විසින් දැණුම්දී තිබේ.

මෙහිදී ප්‍රංශ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් රුසියානු බලධාරීන්ට සිය ජනාධිපතිවරයාගේ ඩී.එන්.ඒ සාම්පල ලබා ගැනීමට අවස්ථාවක් ලැබීම වැලැක්වීමට පී.සී.ආර් පරීක්ෂණය පැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇති බවද රොයිටර් පුවත්සේවය සඳහන් කරයි.

මේ සම්බන්ධනේ රුසියානු ජනාධිපතිවරයාගේ කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංශ ජනාධිපතිවරයා පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දීමට අකමැති වීම හේතුවෙන් දෙරටේ නායකයින් දෙපලගේ සාකච්ඡාව අඩි විස්සක් දිග මේසයක දෙපස හිඳගෙන පැවැත්වීමට සිදුවී බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ ප්‍රංශ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ විමසීමේදී ඔවුන් සඳහන් කර ඇත්තේ ප්‍රංශ ජනාධිපතිවරයා සිය වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන නීතිවලට අනුව පමණක් කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here